
මෝටර් රථය යෝධ ඇළට පෙරළී පරිසරවේදී තිලක් කන්දේගමගේ බිරිඳ මරුට – දියණියට තුවාල
බකමූණ, ඇළහැර අලිකන්දවත්තේදී අද (11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ, ප්‍රකට පරිසරවේදියෙකු වන තිලක් කන්දේගම මහතාගේ බිරිඳ වන විශ්‍රාමික විදුහල්පතිනි ලක්ෂ්මි සිරිවර්ධන (72) මහත්මිය සහ ඔහුගේ සොබාදහම ගොවිපලේ අධ්‍යාපනය සඳහා පැමිණ සිටි ධනුෂ්ක නැමැති සිසුවෙකු බව පොලීසිය කියයි.
එමෙන්ම තුවාල ලබා ඇත්තේ, ඉංජිනේරුවරියක් වන කන්දේගම මහතාගේ දියණිය බව පොලිසිය පවසයි.
නාඋල දෙසින් ඇළහැර දෙසට මෝටර් රථය ධාවනය වෙද්දි රියදුරුට ඉදිරි වංගුවක රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග සංඥා කණුවක් ද කඩාගෙන යෝද ඇළට මෝටර් රථය පෙරළී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මේ අතර නාඋල – බකමූණ මාර්ගයේ මොරගහකන්දේදී කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිවව සිටි ජේ. ඒ. නිශාන්ත උදය කුමාර (47) සහ ආර්.එම්.සංජීවනි දිල්රුක්ෂි (41) නමැති අඹු සැමි යුවලකි.
ඩිමෝ බට්ටා රිය පැද වූ රියදුරු නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුලකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටසිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.


