වැඩබලන පොලිස්පති වැඩ අරඹයි

වැඩබලන පොලිස්පති වැඩ අරඹයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද (30) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය.

ඒ මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගත් අතර උසස් පොලිස් නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියේය.

ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (29) පත් කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට කටයුතු කරන බවයි.

Share This