ඔලිම්පික් ශූර ටීම් හයින්ස් දිවිගමන නිම කරයි

ඔලිම්පික් ශූර ටීම් හයින්ස් දිවිගමන නිම කරයි

වසර 15ක් ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූර ටීම් හයින්ස් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

හයින්ස් මියයන විට 76 හැවිරිදි වියේ පසුවිය.

එක්සත් ජනපද ශූරතා තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.9කින් නිමකරමින් මීටර් 100 ධාවන තරගයක් තත්පර 10කට අඩු කාලයකින් නිමකළ පළමු මිනිසා ලෙස වාර්තාවක් තැබීමට හයින්ස් සමත් විය.

මේ අතර, 1968 මෙක්සිකෝ නගරයේ පවතී ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 තරගය 9.95කින් නිම කිරීමට හයින්ස් සමත් වී තිබේ.

ඔහුගේ ඔලිම්පික් වාර්තාව 1983දී අමෙරිකාවේ කැල්වින් ස්මිත් විසින් බිඳහෙළන තෙක් පැවතිණි.

 

 

 

Share This