හමාස්ට සහය පලකළ සිරියානු සටන් කරුන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

හමාස්ට සහය පලකළ සිරියානු සටන් කරුන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

මැදපෙරදිග කලාපයේ ආරක්ෂක කටයුතු සිදු කරන අමෙරිකානු ආරක්ෂක හමුදාව වෙත මිලීෂියාව විසින් එල්ල කරන ලද ප්‍රහාර වලට පළිගැනීමක් වශයෙන් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා දෙකක් සිරියාවේ සන්නද්ධ සටන්කාමීන්ට ප්‍රහාරයක් එල්ල කළේය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය සහ මිලීෂියා කණ්ඩායම් වලට සහය දෙන දෙපාර්ශවයකට පහර දීමට නියෝග කළ බව පවසන පෙන්ටගනය ප්‍රකාශ කළේ ඉරානයේ ප්‍රහාර දිගටම පැවතුනහොත් එක්සත් ජනපදය අමතර ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පසුගිය සතියේ ඉරාකයේ සහ සිරියාවේ ස්ථානගතව සිටින ඉරානයේ පිටුබලය ලබන හමුදා වෙත එක්සත් ජනපද සහ සභාග හමුදා අවම වශයෙන් 19 වතාවක් ප්‍රහාර එල්ල කර තිබේ.

හමාස්, ඉස්ලාමීය ජිහාඩ් සහ ලෙබනනයේ හිස්බුල්ලා යන සියල්ලටම ටෙහෙරානයේ සහාය ලැබේ.

ඉරාන විදේශ අමාත්‍ය Hossein Amirabdullahian ඊයේ (26) එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ප්‍රකාශ කළේ හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරය නතර නොකළහොත් එක්සත් ජනපදය “මෙම ගින්නෙන් ගැලවෙන්නේ නැත” යනුවෙනි.

එක්සත් ජනපද ගුවන් ප්‍රහාර සිකුරාදා (0130 GMT) අලුයම 4:30 ට ඉරාක දේශසීමාවේ සිරියානු නගරයක් වන අබු කමල් අසල සිදු වූ අතර, F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් මගින් නිරවද්‍ය ඉලක්ක වෙත ප්‍රහාර සිදු කරන ලද බව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.