රටඉඳි ආනයන බද්ද ඉතා පහළට

රටඉඳි ආනයන බද්ද ඉතා පහළට

එළඹෙන රාමසාන් උත්සව සමය වෙනුවෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි දින දෙක තුළ පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයනික රටඉඳි කිලෝග්‍රෑම් එකක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙ⁣ළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා පහත හෙළීමට නියමිත බවයි.

මෙම සහනය ලබා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.