තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට

තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට

ඉන්දියාවෙන් තිරිඟු පිටි ආනයනය තහනම් කරමින් පැනවූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවත් එසේ වුවද තිරිඟු පිටි ආනයන බද්ද ඉහළ දමා ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා අද (30) පැවසීය.

තිරිඟු පිටි ආනයනය බද්ද කිලෝවකට රුපියල් 16 ක් ලෙස පැවැති බවත් එය රුපියල් 27 ක් දක්වා ඉහළ දමා ඇති බවත් තිරිඟු ඇට සඳහා රුපියල් 06ක ආනයන බද්දක් පනවා ඇති බවත් අබේසේකර මහතා කීය.

මේ සම්බන්ධයෙන් අද රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ, තිරිඟු පිටි ආනයනය බද්ද ඉහල දැමීමෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදුනොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්ෂා කරන බවයි.

ඉන්දීය තිරිඟු පිටි ආනයනය මීට මාසයකට පමණ පෙර තහනම් කිරීමට ආනයන හා අපනයන පාලකවරයා කටයුතු කළ අතර ඒ හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ ගියේය.

Share This