ඊයේ තරඟයේ විනිසුරු තීරණයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් පැමිණිල්ලක්

ඊයේ තරඟයේ විනිසුරු තීරණයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ (6) සමත් වුණා.

මෙම තරගයේ හතර වන පන්දු වාරයේ පළමු පන්දුවේදී ප්‍රධාන විනිසුරුවරයා ලබා දුන් දැවීයාමේ තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම තීරණයත් සමඟ පිටියේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර තුන්වන විනිසුරුවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ විනිසුරු වෙත කරුණු දක්වන අයුරු දැකගත හැකි වුණා.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙන බවත් තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් පවසා සිටියා.