ඩොලරය තවත් පහළට

ඩොලරය තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (05) සුළු පහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 285.61ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 298.85ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 284.17 – රු. 299.45

සම්පත් බැංකුව – රු. 285.00 – රු. 297.00

කොමර්ෂල් බැංකුවේ – රු. 283.83 – රු. 298.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 286.00 – රු. 298.00

සෙලාන් බැංකුව – රු. 283.00 – රු. 299.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.284.00 – රු. 300.00

එන්.ඩී.බී. (NDB) – රු. 284.00 – රු. 297.00

අමානා බැංකුව – රු. 288.50 – රු.295.50

ලංකා බැංකුව – රු.285.00 – රු. 299.42