web hit counter
මන්නාරම් වෙරළට විශාල ටග් බෝට්ටුවක් ගොඩගහලා

මන්නාරම් වෙරළට විශාල ටග් බෝට්ටුවක් ගොඩගහලා

ඉන්දියාවට අයත් යැයි සැලකෙන විශාල ටග් බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ වෙරළ සීමාවට ගොඩ ගසා තිබියදී නාවික හමුදා යාත්‍රාවක් මගින් නඩුකුඩා වෙරළ තීරයට ඇදගෙන පැමිණි බව තලෛමන්නාරම් පොලිසිය පවසයි.

මෙම යාත්‍රාව නැව්වලට භාණ්ඩ පැටවීමට හා ජලය වැනි දේ රැගෙන යාම සඳහා භාවිතා කරන ටග් බෝට්ටුවක් බව නාවික නිලධාරිහු සඳහන් කරති.

ඉන්දීය සාගර කලාපයේ පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් අදාළ යාත්‍රාව මෙරට වෙරළ සීමාවට පැමිණෙන්නට ඇති බව විශ්වාස කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය හා තලෙයිමන්නාරම නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )