එලවළු මිල යළි ඉහළට

එලවළු මිල යළි ඉහළට

දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග පහල බැස තිබු එලවළු මිල ඉහල යමින් පවතින බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් කියා සිටියි.

පවතින වර්ෂාවත් සමග එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල විම හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා එලවළු මිල මෙසේ ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

බෝංචි කිලෝවක සිල්ලර මිල රු 480 , මුරුංගා රු 720 , කැරට් රු 240 , මාළු මිරිස් රු 440 , බිට්රුට් රු 400 , තක්කාලි රු 240 , අමු මිරිස් රු 400 , බණ්ඩක්කා රු 240 , පතෝල රු 320 , කරවිල රු 480 , වට්ටක්කා රු 160 , බටු රු 240 , ගෝවා රු 240 , ලික්ස් රු 400 , වැටකොළු රු 400 , මඤ්ඤොක්කා රු 200 , දෙල් ගෙඩියක් රු 300 , දේශිය අර්තාපල් රු 360 , දෙහි රු 1800 , අමු ඉගුරු රු 2500 වශයෙන් අලෙවි කෙරේ.

එලවළු මිල ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් මෙන්ම ආපනශාලා හිමියන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.