කොළඹ විරෝධතා පා ගමනකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විරෝධතා පා ගමනකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ පැවැති විරෝධතා පාගමනකට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය විසින් අද (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ කළ මෙම පාගමන පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මෙලෙස ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් “IMF මර උගුල පරදවමු, බදු බර, බඩු මිල පහත හෙලණු”යන තේමාව යටතේ විරෝධතාකරුවන් මෙම විරෝධතාව ආරම්භ කර තිබිණි.

මේ හේතුවෙන් ඕල්කට් මාවතේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණි.