ගසක් කඩා වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙක් මරුට

ගසක් කඩා වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙක් මරුට

ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (05) පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් 5 හැවිරිදි සිසුවෙකුයි, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

එහිදී තවත් දරුවන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ද වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, බරපතල තත්ත්වයේ පසුවූ එක් සිසුවෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ළදරු පාසල් අංශයේ සිසුන් 30 දෙනෙකු පමණ ගස යට සෙල්ලම් කරමින් සිටියදී ගස කඩා වැටී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.