සාමන්‍ය පෙළ පැවැත්වෙන කාලය ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්

සාමන්‍ය පෙළ පැවැත්වෙන කාලය ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්

2023 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි මස මුල සිට පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නිශ්චිතවම දිනයක් ප්‍රකාශ කිරීම විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 සිට ජනවාරි 31 දක්වා කල්යෑම සැලකිල්ලට ගෙන සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දක්වා කල් දැමෙන බව සඳහන්.

2023 උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 දා ආරම්භ කර දෙසැම්බර් 21 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණත් විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන ජනවාරි 24 සිට ජනවාරි 31 දක්වා කල්තැබුණා.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ හේතුවෙන් 2023 සාමාන්‍ය පෙළ විභාගය මෙලෙස කල් දැමීමට සිදු වූ බවයි.

කෙසේ වෙතත් 2025 වසරේ සිට සුපුරුදු පරිදි විභාග නියමිත දිනවල පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු පැවැසූවා.