ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය ගණන 1000 ඉක්මවයි

ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය ගණන 1000 ඉක්මවයි

පසුගිය සෙනසුරාදා (07) අලුයම ආරම්භ වූ හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ යුද ගැටුම්වලින් 1,000කට අධික පිරිසක් මියගොස් තිබේ.

ගැටුම්වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයින් 600 කට අධික සංඛ්‍යාවක් සහ හමාස් සටන්කාමීන් මෙන්ම පලස්තීන ජාතිකයින් 413ක් පමණ මියගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගාසා තීරයේ ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 123,000ක් අවතැන් වී ඇති අතර 74,000කට ආසන්න සංඛ්‍යාවක් පාසල්වල නවාතැන් සොයමින් සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ .

ඊයේ (08) රාත්‍රියේදීත් පලස්තීන ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ලවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ රැඳී සිටි නේපාල සිසුන් 10 දෙනෙකු ද මියගොස් ඇති බව නේපාල රජය තහවුරු කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට, අමෙරිකාව විසින් ඊශ්‍රායලයට සහය දක්වන බව ප්‍රකාශ කර ඇති අතර, ගල්ෆ් මුහුදේ මේ වනවිටත් ඇමරිකානු යුද නැව් සහ ගුවන් යානා ස්ථාපිත කර තිබේ.

කෙසේවෙතත්, මේ වන විට දෙපාර්ශවය අතර පවතින ගැටුම් උග්‍ර අතට පත්වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Share This