අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියා රිමාන්ඩ්

අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියා රිමාන්ඩ්

අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා රන්වල බළකාය සමග ගයනු ලබන “සූර්ය මංගල්‍යය” ගීතය විකෘති කිරීම සම්බන්ධයෙන් එම සැකකරුට එරෙහිව චෝදනා එල්ලවිය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙකි.

අදාළ සැකකරු ඊයේ (16) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් අත්ඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

Share This