පහළ ගිය ඩොලරය යළි ඉහළට

පහළ ගිය ඩොලරය යළි ඉහළට

ඉකුත් කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමක් අඛණ්ඩ පෙන්නුම් කළ ද එම තත්ත්වය මේ වන විය යම් ප්‍රමාණයකින් වෙනස් වී ඇති බවක් විනිමය අනුපාතවල වෙනස්වීම තුළින් පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.28ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.19 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 294.93 – රු. 304.91

කොමර්ෂල් බැංකුවේ – රු. 294.21 – රු. 303.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00

සෙලාන් බැංකුව – රු. 293.50 – රු. 304.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.294.75 – රු. 306.75

එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 305.00

අමානා බැංකුව – රු. 298.00 – රු.303.50

Share This