වැල්ලවත්තේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක්

වැල්ලවත්තේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක්

වැල්ලවත්ත මුහුදු මාවතේ හෝටලයක් ඉදිරියට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අද (27) අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයින් යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එම අවස්ථාවේ ආපන ශාලාවේ කිසිවෙකු රැඳී සිට නොමැති අතර එහි බිත්තියකට හා යකඩ කණුවක් වෙත මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇත.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර හෝටලයේ දේපළවලට හානි සිදුව ඇති බවයි, පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

බියගැන්වීම සදහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

Share This