ප්‍රාථමික අංශයේ සිට පාසල් විෂය මාලාවට අලුතින් විෂයක්

ප්‍රාථමික අංශයේ සිට පාසල් විෂය මාලාවට අලුතින් විෂයක්

ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට අවසර හිමි වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ජපානයේ රැකියා වෙළෙදපොළ ඉලක්ක කර මෙම තීරණය ගත් බවය.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, කැබිනට් මණ්ඩලය ඒ සඳහා විශේෂ අනුමැතියක් දුන් බවයි.

ඒ අනුව, ජපන් භාෂාව ඉගැන්වීමට අදාළ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව මේ වන විට සූදානම් කරමින් සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

අද වනවිට ජපන් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් 5000කින් යුත් ජපන් භාෂා පුහුණුලාභීන්ගෙන් සමන්විත සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

Share This