ගුරු – විදුහල්පති විරෝධතාවක් අද

ගුරු – විදුහල්පති විරෝධතාවක් අද

වැටුප් විෂමතා වලට විසඳුම් දෙන්නැයි ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් දීපව්‍යාප්ත විරෝධතා මාලාවක අද (12) නිරත වීමට නියමිතයි.

වැටුප් විෂමතා ඉවත් කර දෙන්නැයි අවස්ථා ගණනාවකදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ ද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ.

වැටුප් විෂමතා ඉවත් කිරීමේ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ද අමාත්‍යාංශ කමිටුවක් විසිනි.

එහෙත් එය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ජෝසෆ් ස්ටාර්ලිං මහතා පවසයි.

පසුගිය වසරේදී උසස්පෙල ඇගයීවලට සහභාගීවූ ගුරුවරුන්ට රු 2000- 3000 අතර සංයුක්ත දීමනාවක් ලබාදුන් නමුදු මෙවර එය සාමාන්‍ය පෙල ගුරුවරුනට ලබාදීමේ සූදානමක් නැතැයි ගුරු සංගමයේ ලේකම් පවසයි.

Share This