සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (19) සිට යළි වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (19) සිට යළි වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (19) සිට යළි වර්ජනයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 6.30 සිට ඔවුන් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමටයි තීරණය කර ඇත්තේ.

මේ සඳහා වෘත්තීය සමිති 72ක් එක්වීමට නියමිතයි.

සාධාරණ දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස වර්ජනයක නිරත වීමට නියමිතව තිබෙනවා