තමන් නිවැරදිකරු බව ධනිෂ්ක කියයි

තමන් නිවැරදිකරු බව ධනිෂ්ක කියයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිඩ්නි නුවර අධිකරණයක් ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ඔහුට එරෙහි නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අධිකරණය නියම කර ඇත.

කිසියම් අයුරකින් වරද පිළිගත්තේ නම් ධනිෂ්කට නුදුරු දිනයකදී දඩුවම් නියම කිරීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ධනිෂ්කට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණි.

පසුගිය නඩු වාරයේදී එයින් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු විමර්ශන අංශ පියවර ගත්‌තේය.

කෙසේවෙතත්, අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාව ඔහුට එරෙහිව තවදුරටත් පවතී.

Share This