ගුරු – විදුහල්පතිවරු අදත් ලෙඩින්

ගුරු – විදුහල්පතිවරු අදත් ලෙඩින්

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

කොළඹ පැවති විරෝධතාවයට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (26) දිනයේත් ගුරු – විදුහල්පති වෘත්තීය සමිත වැඩවර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු ඇණහිට තිබිණි.

කෙසේ වෙතත් අද (27) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු නොවැළැක්විය හේතුවක් මත සිදුනොකරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව දෙවන අදියරේ ඇගයීම් කටයුතු හෙට (28) දිනයේ සිට ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.

Share This