සෞඛ්‍ය වර්ජනය අද බස්නාහිර පළාතේ

සෞඛ්‍ය වර්ජනය අද බස්නාහිර පළාතේ

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (21) බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව, අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවයි, එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමූ ‍ප්‍රවාහන හා නිර්බාධක දීමනාව හෙවත් ඩැට් දීමනාවට සාපෙක්ෂව තම දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.