පොතුහැර මාරක අනතුරින් තිදෙනෙක් මරුට

පොතුහැර මාරක අනතුරින් තිදෙනෙක් මරුට

පොතුහැර, බුළුගොල්ල හංදිය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඉන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

කුරූණෑගල දෙස සිට කොළඹ දක්වා ධාවනය වු එළවළු ප්‍රවාහන ලොරියක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This