සෞඛ්‍ය වර්ජනය අදත්

සෞඛ්‍ය වර්ජනය අදත්

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) පෙරවරු 6.30ට ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, තම ඉල්ලීම්වලට අදාළව මුදල් අමාත්‍යාංශයේදී පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි.

වැඩ වර්ජනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර ශිල්පීන්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තිය සමිති 72ක සාමාජිකයින් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසා සිටියේ, ලක්ෂයකට ආසන්න සෞඛ්‍ය සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනයට එක්ව ඇති බවය.

මෙම වැඩ වර්ජනය හේතුවෙන්, රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබු අතර ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රෝහල් කටයුතු පවත්වාගෙන යාමට රජය පියවර ගෙන තිබිණි.