STF 600 කට හදිසි කැඳවීමක්

STF 600 කට හදිසි කැඳවීමක්

දකුණ සහ බස්නාහිර පළාත්වල පාතාල ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා‍ සාමාජිකයන් 600 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව, එම පළාත් දෙක සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි ඒකක නිළධාරින් ද යොදවා ඇති බව සඳහන්.

එම නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම, හදිසි වැටලීම් සිදුකිරීම සහ පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසීය.

එම කටයුතු සඳහා දකුණෙන් විශේෂ කණ්ඩායම් 20ක් ද, බස්නාහිරෙන් විශේෂ කණ්ඩායම්15ක් ද යොදා ගන්නා බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ.