ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී පාසල් සිසුන් 5ක් රෝහලට

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී පාසල් සිසුන් 5ක් රෝහලට

පූනාගල සිට කොස්ලන්ද දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීවිල් රථයක් අද (30) කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපී නැවත අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස් දෙනෙකු සහ තීරෝද රථ රියදුරු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කිරීම නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි කොස්ලන්ද පොලීසියේ රථවාහන අංශය පැවසීය.

පූනාගල සිට ළමුන් අධික ප්‍රමාණයක් පටවාගෙන කොස්ලන්දට පැමිණ දරුවන් කොටසක් කොස්ලන්ද නගරය ආසන්නයේ බස්සවා කොටසක් තී රෝද රථයේ නංවාගෙන වේගයෙන් යන අතරතුර ඉදිරියෙන් ගිය බස් රථයක පිටුපස හැපී බෝක්කු කණුවක්ද කඩාගෙන තිරෝද රථය ප්‍රපාතයට පෙරළී තිබේ.

ප්‍රධාන මාර්ග කොටසේ දී දරුවන් කොටස් දෙකකට ප්‍රවාහනය කරනුයේ පොලිසියට හසු වන නිසා බව පාසල් ළමුන් පැවසූහ.

අනතුරින් ත්‍රීරෝද රථය පොඩි පට්ටම වී තිබුණද වාසනාවකට මෙන් තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද පොලිසිය පැවසීය.

කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This