තෙල්දෙණියේ සුපිරි වාහන කොල්ලයට හිටපු පොහොට්ටු මන්ත්‍රී පුතා ඇතුළු 03ක් අත්අඩංගුවට

තෙල්දෙණියේ සුපිරි වාහන කොල්ලයට හිටපු පොහොට්ටු මන්ත්‍රී පුතා ඇතුළු 03ක් අත්අඩංගුවට

තෙල්දෙණිය කෙන්ගල්ල ප්‍රදේශයේ වාහන අලෙවි ස්ථානයකින් ඩිෆෙන්ඩර් රථ තුනක් සහ KDH වර්ගයේ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය පවසයි.

පොදුජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපස ගරාජයේ අදාළ වාහන කොටස් කරමින් සිටිය දීයි, කොල්ලකන ලද ජීප් රථ දෙකක් ද සමගින් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම වාහන කොල්ලය සිදුවී තිබුණේ, ඊයේ (29) සවස 3ට පමණ තෙල්දෙණිය කෙන්ගල්ලේ පිහිටි අශාන් ට්‍රේඩර්ස් නැමැති වාහන අලෙවි ස්ථානයෙනි.

මේ පිළිබඳව ඊයේ (29) වත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව පොදුජන පෙරමුණු හිටපු පලාත් සභා මන්ත්‍රී කමල් අජිත් කුමාර බෙලිගොල්ලගේ නිවස පරීක්ෂා කරද්දී ඔහුගේ නිවස පසුපස ගරාජයේ තිබී කොල්ල කන ලද ඩිෆෙන්ඩර් රථ දෙක සොයාගෙන තිබේ.