පියාගේ ප්‍රාණ ඇපයෙන් දරු දෙදෙනා බේරාගත් STF නිලධාරීන්ට තෑගි

පියාගේ ප්‍රාණ ඇපයෙන් දරු දෙදෙනා බේරාගත් STF නිලධාරීන්ට තෑගි

හැංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේදී දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගනිමින් බෝම්බයක් පුපුරුවා ගැනීමට තැත්කළ පියාගෙන් දරුවන් බේරාගත් නිලධාරීන් ඇගයීමට ලක්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ඊට දායක වූ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් අගයා මුදල් සහ ප්‍රශංසා ත්‍යාග පිරිනැමීම අද (09) එම අමාත්‍යංශයේදී සිදුකෙරිණ.

එහිදී නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා ඇතුළු විශේෂ කාර්ය බළකාය නිලධාරීන් 8 දෙනකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 75,000 ක් සහ ප්‍රශංසා සහතික 2 ක් ද පිරිනැමිණ.

මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවූහ.