මත්කරල් 53,000ක් STF දැලේ

මත්කරල් 53,000ක් STF දැලේ

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද ‘Prgabalin 150mg’ වර්ගයේ මත්කරල් 53,000ක් ඉලුප්පුකඩවායි පොලිස් වසමේ මුන්රාම්පිඩ්ඩි කලපු ප්‍රදේශය අසල සඟවා තිබියදී ඊයේ (28) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම මත්පෙති ජාවාරම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ සඟවන්නට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් මත්පෙති තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉල්ලුප්පු කඩවායි පොලීසියට භාරදී ඇත.