මහනුවරට නව නගර දුම්රිය නැවතුම් පොළක්

මහනුවරට නව නගර දුම්රිය නැවතුම් පොළක්

මහනුවර නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ගුඩ් ශෙඩ් ඉදිරිපිට ඉදි කිරීමේ සැලැස්ම වසර හතක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මහනුවර නගර දුම්රිය නැවතුම් පොළ හා මහනුවර අධික්ෂණ කළමනාකාර කාර්යාල සංකීර්ණ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ සෘජු ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 5ක් වැයකර මහනුවර නගර දුම්රිය පොල ඉදිකර ඇත.

දැනට පවතින මහනුවර ප්‍රධාන දුම්රිය පොල නගරයේ එක් කොනක පිහිටා ඇති නිසා නව දුම්රිය පොල ඉදිකිරීම නිසා මහනුවර සිට මාතලේ දෙසට හා මාතලේ දෙස සිට මහනුවරට පැමිණෙන මගීන්ට විශාල සහනයක් ඉටුවේ.

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80ක් වැයකර අධීක්ෂණ කළමනාකරු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත.

මාතලේ සිට නාවලපිටිය දක්වා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි හා බොක්කු ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් මෙම අංශය මගින් සිදුකරයි.

පරණ ගොඩනැගිලි සංකීර්ණය සහිත ඉඩම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සෑදීම සඳහා වෙන් කිරීම නිසා එම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත.

Share This