19න් පහළ 2024 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද

19න් පහළ 2024 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද

19න් පහළ අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (21) පැවැත්වීමට නියමිතයි.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.

තරගය දකුණු අප්‍රිකාවේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිත ව ඇත.

සිනෙත් ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන්නේ මැතිව් ෂොන්කන් විසින්.

නේපාල සහ නවසීලන්ත 19න් පහළ කණ්ඩායම් අතර තරගය ද අද පැවැත්වීමට නියමිත ව තිබේ.

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කාණ්ඩ 04ක් යටතේ කණ්ඩායම් 16ක් තරග වදින අතර, ශ්‍රී ලංකාව සී කාණ්ඩයට ඇතුළත් වේ.