web hit counter
ශකිබ් අල් හසන්ට ලෝක කුසලානයේ ඉදිරි තරගය අහිමිවෙයි

ශකිබ් අල් හසන්ට ලෝක කුසලානයේ ඉදිරි තරගය අහිමිවෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමිවී තිබේ.

ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස ඉදිරි තරග අහිමිව ඇති බවයි සඳහන් වන්නේ.

තරගයේ පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුව අතේ වැදීමෙන් ඔහුව ආබාධයට ලක්ව ඇති අතර තාවකාලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔහු අඛණ්ඩව පන්දුවට පහරදී ඇත.

පසුව දිල්ලි හිදී ඔහුගේ වම් අතේ X රේ පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව අස්ථි බිඳීමක් සිදුව ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව, 11 වනදා පූනේහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඔහුට අහිමිවනු ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )