ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟය අද

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පස්වරු 02ට හයිද්‍රාබාද්හි දී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම මේ දක්වා මෙම තරගාවලියේ තරගය බැගින් ක්‍රීඩා කර සිටින අතර, පාකිස්තානය විසින් නෙදර්ලන්තය පරාජය කළේය.

ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ පසුබිමක හයිද්‍රාබාද් පිටියට පිවිසේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී වනු ඇති බව වාර්තා වේ.

මේ වන විට පාකිස්තානය සහ ශ්‍රීලංකාව අතර ලෝක කුසලාන එක්දින තරග 08ක් පවත්වා ඇති අතර ඉන් 07ක්ම පාකිස්තානය ජයගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 156කට ක්‍රීඩා කර එයින් පාකිස්තානය තරග 92කින් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 59ක ජය වාර්තා කර තිබේ.

දෙරට අතර එක්දින තරග ඉතිහාසය පුරා තරග 4ක් විසඳුමකින් තොරව නිමා වී තරගයක් ලකුණු සමවී තිබේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අවසන් වරට හමු වූයේ මෙයට මාසයකට පමණ පෙර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීය.