ලන්ඩන් නුවර රිය අනතුරකින් යාපනයේ එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනා මිය යයි

ලන්ඩන් නුවර රිය අනතුරකින් යාපනයේ එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනා මිය යයි

ලන්ඩනයේ චිචෙස්ටර් (Chichester) නගරයේ ඩන්ක්ටන් ( Dunston ) ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ රිය අනතුරකින් යාපනයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් තුන් දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් අතර සිටින තවත් කාන්තාවක් ඉතා බරපතල තත්ත්වයේ සිටින අතර ඇය මෝටර් රථය පදවා ගෙන ගිය කාන්තාව වෙයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙනි.

ලන්ඩනයේ පදිංචි වී සිටින මියගිය අයගේ ඥාති පුතෙකු විසින් මියගිය පිරිස හදුනා ගෙන තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, විවාහ මංගල්‍යයක් සදහා පවුලේ උදවිය මෝටර් රථ දෙකකින් ගමන් කළ බවත් එම බී.එම්.ඩබ්ලිව් (BMW ) වර්ගයේ මෝටර් රථය වෙනත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත්ය.

මියගිය අයගේ මළ සිරුරු තුන යාපනයට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි හතක් පමණ වැය වන බැවින් අවසන් කටයුතු ලන්ඩනයේදී සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

මියගොස් ඇත්තේ, මව හා දියණියන් දෙදෙනෙකු වන අතර ඔවුන් වසරකට ඉහතදී යාපනයේ සිට කැනඩාවට ගොස් මීට දින කීපයකට ඉහතදී ලන්ඩනයට ගොස් ඇත්තේ විවාහ මංගල්ලයකට සහභාගී වීම පිණිසය.

Share This