ශ්‍රී ලංකන් ගුවන් සේවයට විදෙස් නියමුවන්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට විදෙස් නියමුවන්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පවතින ගුවන් නියමු පුරප්පාඩු සඳහා විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් නුටාල් පවසයි.

මේ වසර තුළ තවත් ගුවන් නියමුවන් 30 දෙනකුගේ පමණ අවශ්‍යතාවක් ඇතැයි පැවසූ රිචඩ් නටාල් ලබන වසරේ මැද භාගය වන විට තවත් නියමුවන් 50 දෙනෙකු පමණ අවශ්‍ය වනු ඇතැයි පැවැසීය.

විදේශීය ගුවන් නියමුවන්ට පිරිනමන පැකේජය දේශීය ගුවන් නියමුවන්ගේ පැකේජයට සමාන වන බවද ඔහු සදහන් කරයි.

කෙසේවෙතත්, මෙම බඳවා ගැනීම් සඳහා රජයෙන් අනුමැතිය ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බව ද සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට කපිතාන්වරුන් 143 දෙනකු, පළමු නිලධාරීන් 53 දෙනකු සහ කනිෂ්ඨ පළමු නිලධාරීන් 26 දෙනකුගෙන් සමන්විත වේ.

ඊ⁣ට අමතරව කැඩෙට් නියමුවෝ 14 දෙනෙක් පුහුණුව ලබමින් සි⁣ටිති.