2023 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි

2023 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි

2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනි ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙසැම්බර් 21 අවසන් වන බව එහි සඳහන් වෙයි.

මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මඟින් මාර්ග ගත ක්‍රමයට අවස්ථාව ලබාදෙනු දෙන බවයි වාර්තා වන්නේ.

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර 06ක් හිමිවන නමුත් මෙම සිසුනට නොවැම්බර් 24 දක්වා දින 343 ක කාලයක් තුළ පාසල් වාර 07ක් ඉගෙනුම් කටයුතු සඳහා හිමි වී තිබේ.