ස්ථිර නොකළ රජයේ සේවකයින්ට සුබ පණිවුඩයක්

ස්ථිර නොකළ රජයේ සේවකයින්ට සුබ පණිවුඩයක්

පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් ඉක්මනින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුර දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ඊයේ සියලුම පළාත්පාලන කොමසාරිස්වරුවන්ට දැනුම්දුන්නා අද දවසේ සිට 15 වනදා වෙනකොට මෙම 8,400 ක් වෙච්ච ස්ථිර නොකරපු අනියම්, ආදේශ සහ කොන්ත්‍රාත් පදනමේ ඉන්න අය සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරලා අපිට ඒ අයව ස්ථිර කිරීම සඳහා 15 වෙනිදාට කලින් ඒ ලේඛනය හදලා දැනුම්දෙන්න ඒ අයගේ ජ්‍යේෂ්ඨත්වය අනුව. එතකොට අපි ඉක්මන් දිනයක් දීලා ඒ අයගේ ස්ථිර පත්වීම ලබලා දෙනවා.”