ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ 03වන දිනය අදයි

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ 03වන දිනය අදයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.

ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 81 ක් රැස් කරගෙන සිටියේය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 39ක් ලබා සිටි අතර නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 41ක් රැස් කරගෙන සිටියේය.

අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස්කර ගත්තේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී තරඟය මේ වන විට පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ලකුණු 132 ක් ලබා සිටී.

ඒ අනුව, කඩුලු 10ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 360ක් පිටුපසින් සිටී.

 

Share This