ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 125ක්

ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 125ක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනයට තරගය නිමා කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 95ක් රැස් කරගෙන සිටියි.

ඒ් අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමට අද දිනයේදි කඩුලු 9ක් තුළදි ලකුණු 125ක් රැස්කර ගත යුතු වෙයි.

නොදැවි පිටියේ රැදී සිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 53ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කරගෙන සිටියි.

දැවීගිය පිතිකරුවා වූ දිමුත් කරුණාරත්න ලකුණු 08ක් රැස් කිරිමට සමත් විය.

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රි ලංකා ඉනිම ලකුනු 263කට සිමා විය.

එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

තරගයේ සිව්වැනි දිනය වන අද (9) දිනයේදී ශ්‍රී ලංකාවට තරගයේ ජය තහවුරු කරගැනීමට හැකිවුවහොත් එය වසර 10කට පසු එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව ලබන පළමු ජයග්‍රහණය වනු ඇත.

ශ්‍රී ලංකාව අවසන්වරට එංගලන්තය ටෙස්ට් තරගයකදී පරාජය කර ඇත්තේ 2014 වසරේදී ලීඩ්ස්හිදී පැවති තරගයකදීය.