ශ්‍රී ලංකා – ඇෆ්ගන් පළමු විස්සයි 20 තරඟය අද

ශ්‍රී ලංකා – ඇෆ්ගන් පළමු විස්සයි 20 තරඟය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද (17) පැවැත්වේ.

තරගය අද රාත්‍රී 7.00 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම ක්‍රීඩාංගණයේදී පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද මෙය වෙයි.

වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර ඊබ්රහීම් සද්රාන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ලබයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයේදී පන්දුවාර විස්ස තරග 3ට අමතරව ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 3කට සහභාගි වූ අතර, එම සියලු තරග ජයගත්තේ ශ්‍රී ලංකාවයි.

මේ අතර,මෙම තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

Share This