බැසිල් රට යයි

බැසිල් රට යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ. ඔවුන් 05/07 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

ඩුබායි සිට හිටපු ඇමතිවරයා ඇමරිකාව දක්වා ගමන් කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රසන්න රණතුංග, ඩී. වී. චානක සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටි බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන්නේ.

Share This