කිඹුලාපිටිය ගිණිකෙළි කර්මාන්ත ශාලාවේ ගින්නෙන් දෙදෙනෙක් මරුට

කිඹුලාපිටිය ගිණිකෙළි කර්මාන්ත ශාලාවේ ගින්නෙන් දෙදෙනෙක් මරුට

පසුගිය 26 වනදා කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගිණිකෙළි නිෂ්පාදන ස්ථානයක හදිසියේ ගිනි ගැනීමක් හටගෙන තිබුනා.

ගින්නෙන් එම ස්ථානයේ සේවය කළ වයස අවුරුදු 18,22,31 වයස්වල පුද්ගලයින් තිදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව වයස අවුරුදු 18ක් වන තරුණයා මියගොස් ඇති බව පැවසේ .

අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් වයස අවුරුදු 22 වන බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද (28) උදෑසන මිය ගොස් තිබෙනවා.

31ක් හැවිරිදි පුද්ගලයා දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

WhatsApp Image 2024 02 28 at 10.47.37 1

WhatsApp Image 2024 02 28 at 10.47.37

WhatsApp Image 2024 02 28 at 10.47.36 1

WhatsApp Image 2024 02 28 at 10.47.36

Share This