ලංගම බස් රථයක නාගයෙක් – මගීහු බස් රථයෙන් බැස දුවති

ලංගම බස් රථයක නාගයෙක් – මගීහු බස් රථයෙන් බැස දුවති

යාපනයේ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක විශාල නාගයෙකු සිටීමත් සමග කලබලයට පත්වූ මගීන් බසයෙන් බැස දිවගොස් තිබේ.

මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගතවන තුරුත් මගීන් කිසිවකුත් නාගයා දැක නොමැත.

කිලිනොච්චියට ආසන්නයේදී බසයට නැගුණු කාන්තාවක් බස් රථය තුළ නාගයෙකු සිටින බව දැක කෑ ගැසීමෙන් පසුව බස් රථය නතරකර ඇත.

බසයේ සිටි තරුණයින් කීප දෙනෙකු මුගුරක් ගෙන නාගයාව බස් රථයෙන් එළියට ඇද දැමීමෙන් පසුව බස් රථය ආපසු වවුනියාව බලා ගමන් ආරම්භ කර ඇත.

Share This