ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්!

ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්!

ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජනපෙරමුණේම පක්ෂයේ කෙනෙක් ඉදිරිපත් කරනවා යැයි සාගරකාරියවසම් අද (06) පොළොන්නරුවේදී පැවසිය

පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන “සද් ජන රළ” රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම අද උදෑසන පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්විණි.

පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රීක් නායක සිරිපාල ගම්ලත් මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර මෙම රැස්වීම සදහා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නාමල් රාජපක්ෂ,තිස්ස කුට්ටිආරච්චි, ඩී.වී.චානක, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමේ, ජගත් සමරවික්‍රම, චින්තක මායාදුන්න යන මන්ත්‍රීවරුන් ඇතුලු පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් වැඩිදුරටත් පැවැසුවේ,

“මේ පක්ෂය නිර්මාණය කලේ මේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය රටේ අනාගතය වගේම මේ රටේ දරුවන් වෙනුවෙන් හොද රටක් ගොඩනන්නයි.ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණ විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කරන්න උපරිම බලයක් ලබා දුන්නා.ඒ සදහා ඔබ උපරිමයෙන් කටයුතු කලා .නමුත් ඔබ දිනා දුන්නු පක්ෂයේ බලය රැක ගන්න අපේ නායකයින්ට බැරි උනා.

අපි රටේ ජනතාව වෙනුවෙන් වැරදි දෙකක් කලා.ඒ වෙනුවෙන් අපි ජනතාවගෙන් සමාව ඉල්ලනවා.එකක් තමයි කොරෝනා වෙලාවෙ මේ රට වහපු එක .හැබැයි ඒ දේ කලේ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්නයි.අනිත් එක තමයි මේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කාබනික පොහොර භාවිත ප්‍රතිපත්තිය ගේන්න කටයුතු කරපු එක.ඒ දේ කලෙත් මේ රටේ ජනතාව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නයි.මෙන්න මේ වැරදි දෙක අපි කලා .

අපි ඒක පිලිගන්නවා.අපි පක්ෂයක් විදිහට ඔබ මේ පක්ෂය ගොඩනැගුවෙ මේ රටට සිදුවන විනාශයෙන් වලක්වා ගන්න.රටක් විනාශ කරන්න පුලුවන් වෙන්නෙ ඒ රටේ සංස්කෘතිය විනාශ කිරීමෙන්.සංස්කෘතියක් නැති රටකට පැවැත්මක් නෑ.

පොදුජන පෙරමුණ වට්ටන්නත් බෑ.වැටෙන්නෙත් නෑ.මේ දිස්ත්‍රීක්කයේ පොදුජන පෙරමුණේ හිටපු නායකයාට අද වෙච්ච දෙයක් නෑ.හොයා ගන්නත් නෑ. එතුමා වටේ හිටපු අයට අමාරුවෙ වැටුනා.ඒ නිසා නැවත පොදුජන පෙරමුණ ගොඩ නගන්න අපි එකතුවෙලා කටයුතු කරමු.අපි ඊලග ජනාධිපතිවරණයේ අපේ පක්ෂයේ අපේක්ෂකයෙක් ජනාධිපති අපේක්ෂක‍යා විදිහට ඉදිරිපත් කරනවා.ඒ නිසා අපේ ජනාධිපතිවරයෙක් පත් කරගෙන මේ රට ගොඩනගන්න එකතුවෙලා කටයුතු කරමු.”