දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ 62 කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ 62 කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, බදුල්ල, කොළඹ, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මාතලේ, මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද (01) සවස 3 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.

Share This