ශ්‍රිලනිප විධායක සභාවට එරෙහි වාරණය ඉවතට

ශ්‍රිලනිප විධායක සභාවට එරෙහි වාරණය ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ විශේෂ රැස්වීම අද පස්වරු 2.30 කැඳවීම වළක්වමින් ඇමති නිමල් සිරිපාලද සිල්වා හා දුමින්ද දිසානායක මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම පක්ෂයේ සාමාජිකයින් තිදෙනෙකු කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

පක්ෂයේ උප සභාපති කීර්ති උඩවත්ත,මහියංගන ආසන සංවිධායක පි ගුණවර්ධන සහ කඩුවෙල ආසන සංවිධායක හෙක්ටර් බෙත්මගේ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරිය විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් නොතීසි පමණක් නිකුත් කළාය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව විත්තිකාර නිමල් සිරිපාලද සිල්වා මහතාගේ හා දුමින්ද දිසානායක මහත්වරුන්ගේවැඩ බලන සභාපති හා වැඩ බලන ලේකම් ධූර නීති විරෝධී බවත්, එම තනතුරුවල පෙනී සිටිමින් විධායක සභාව කැඳවීම නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබිණි.