මත්කරල් 31390 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මත්කරල් 31390 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඊයේ (29) සවස මන්නාරම පොලිස් වසමේ සවුත්බාර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මත්කරල් 31 390 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන එමිල් නගර්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් තිස්සේ මත්කරල් ජාවාරම් සිදු කළාද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

Share This