සජබ ප්‍රබලයෙක් එජාපයට

සජබ ප්‍රබලයෙක් එජාපයට

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ඩෘවින් ප්‍රවීන් අතපත්තු මහතා අද (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කර පසුව මාධ්‍ය හමුවකට ද සහභාගී විය.

ඔහු සමගි ජනබලවේගයේ කටයුතු කළ ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මෙලෙස එක්සත් ජාතික පක්ෂය හා එක්ව තිබේ.

Share This