පහළොස් හැවිරිදි සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියදුරා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියදුරා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් මෝටර් රථයකින් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථ රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු කුලියාපිටිය ප්‍රදේශයේම පදිංචි රියදුරකු වන අතර මොහු එම සිසු සැරිය බස් රථයේ අයිතිකරුද වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිසුවිය සිසු සැරිය බස් රථයෙන් නිතිපතා පාසල් යන අතර සැකකාර රියදුරා මෙම බාල වයස්කාර සිසුවිය රවටා ඇයත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත.